මෙන්න පොල් ගැන ලැබුණු අලුත්ම ආරංචිය

By Kaushi May 30, 2025 09:56 AM GMT
Kaushi

Kaushi

Report

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය මඟින් පවසා ඇත්තේ මෙරට ගෙන්වූ පළමු පොල් කිරි තොගය සඳහා හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බවයි.

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

ඒ අනුව මෙම පොල් කිරි තොගය කර්මාන්ත වෙනුවෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය ලෙස ද වාර්තා වේ.

එසේම මෙය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාව්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කර තිබෙනවා.

අමාත්‍යාංශය කියා සිටියේ මෙම තොගය, 2025 වර්ෂයේ මාර්තු මස දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ශීත කල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන) ආනයනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන් වූ බවයි.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

ඒ අනුව අඳාළ තොගය, පොල් කිරි පිටි කර්මාන්තයට යොදා ගැනීමට නියමිතව තිබෙනවා.

මෙමඟින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවයි.

තවද මෙම තොගය කර්මාන්ත ශාලා වලට මුදා හරින්නේ කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලුම ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසුව බව ද සඳහන්.

සෙල්ලන් නෑ, තත්ත්වය බරපතළයි...ආසාදිතයන් 257 ක් හොයා ගෙන...මේ වෙන කොටත් 7 දෙනෙක් හැංගිලා

සෙල්ලන් නෑ, තත්ත්වය බරපතළයි...ආසාදිතයන් 257 ක් හොයා ගෙන...මේ වෙන කොටත් 7 දෙනෙක් හැංගිලා

ඒ අනුව හෙට (31) දින උදෑසන 9.00 ට අඳාළ තොගය විවෘත කිරීම RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව ඇත.

ReeCha