චාමර සම්පත් යළි රිමාන්ඩ්

By Hashini Apr 21, 2025 05:56 AM GMT
Report

 පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි මස 5 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට අදාළවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

රාජ්‍ය බැංකුවක පළාත් සභා ස්ථාවර තැන්පතුවකින් රුපියල් මිලියන 01 ක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනා.

ශ‍්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වෙන්න යන්නේ..

ශ‍්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වෙන්න යන්නේ..

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ඔහුගේ පෙර ධුර කාලයට අදාළ දූෂණ චෝදනා 03 ක් සම්බන්ධයෙන් මාර්තු 27 වන දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මන්ත්‍රීවරයා චෝදනා දෙකකින් නිදහස් කර එක් දූෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කෙසේ වෙතත්, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද දෙවන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව මැයි මස 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළා.