දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ

Report

 නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) පියවර ගෙන තිබේ.

  මෙම නගරයේ සියලුම අධිවේගී මාර්ග මෙන්ම දුම්රිය මාර්ග ද වසා දමා  ඇත.

බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත මෙම හිම කුණාටුව අද පස්වරුව දක්වාම පවතිනු ඇති බවද වාර්තා වේ.

මෙම අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ සේවා හැර පාසැල් සහ සෙසු ආයතනවලට නිවාඩු ලබා දී තිබේ තවද ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සේවා හැර අනෙකුත් වාහනවලට මහා මාර්ගවල ධාවනය කිරීම තහනම් කර ඇත.

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

 මෙම තත්වය හේතුවෙන් සියලු ගමන් බිමන් නතර කර නිවෙස්වලට වී සිටින ලෙස නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නගර වැසියන්ගෙන් ඉල්ලා තිබේ.


එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ පොළොව මට්ටමේ සිට අඩි දෙකක් පමණ ඉහළට මෙම හිම පතනය සිදුවනු ඇති බවත් මෙවැනි හිම කුණාටුවක් ඇති වන්නේ වසර ගණනාවකට පසුව බවයි . 

තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර