අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Report

මේ වන විට නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු-මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවේ.

ලග්න කිහිපයකටම අද සුබ දවසක්...ඔයාගේ ලග්නෙත් ඒ අතරේද බලන්නකෝ

ලග්න කිහිපයකටම අද සුබ දවසක්...ඔයාගේ ලග්නෙත් ඒ අතරේද බලන්නකෝ

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට