අධික වර්ෂාව නිසා ප්‍රධාන නගරයක් ජලයෙන් යට වෙයි
By Dhananjaya
අද (11) සවස සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යට විය
සුළු වැස්සකදී පවා ගාල්ල නගරයේ යටවීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බවත් මේ සඳහා විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම කනගාටුවට කරුණක් බවද ඔවුන් පවසයි.
වර්ෂාව හේතුවෙන් ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලිසිය ඉදිරිපිටින් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාත් මගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය ගාල්ල තලාපිටිය සහ බෙලිගහ, කහදුව වත්ත යන ප්‍රදේශ වලින් ජලය යට වීම නිසාත් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වර්තා වේ.
එමෙන්ම මෙම වර්ෂාව හේතුවෙන් තලාපිටිය, කෝන්ගහ, තනිපොල්ග, දංගෙදර, මොරගොඩ, බෙලිගහ, කහදුවවත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවීය