පැය 24ක් තුළ ප්‍රදේශ රැසකට තද වැසි - වටවලට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක්
By Malith Madushan
අද (03) උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ග්‍රාම නිලධාරී වසමට මිලිමීටර් 204ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්භාගේ ප්‍රදේශයෙන් මිලිමීටර් 172ක සහ නාවලපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 153.40ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
ගතවූ පැය 24ක කාලය තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වර්ෂාපතන අගයන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.