ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් - බොහෝ ප්රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්
ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 ඔක්තෝබර් 17 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
එමෙන්ම, මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී සුළු වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින්, එවැනි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණ හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් 6කට සහ මුලතිව් දිස්ත්රික්කයට දැඩි අකුණු සහ තද සුළං