කුණාටු සුළං සමඟ වැසි තත්ත්වය තවත් දරුණු වෙයි - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි තත්ත්වය වැඩි වශයෙන් අපේක්ෂා කරන බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

අඹතලේ නළයක හදිසි බිඳවැටීමක් - අද රාත්‍රී ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ නළයක හදිසි බිඳවැටීමක් - අද රාත්‍රී ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්වල්ප වැසි තත්ත්වයක් අපේක්ෂා කරන අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බවද සඳහන් කර ඇත.

සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්