හෙට දිනයට කාලගුණයෙන් රතු එළියක් -ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං
හෙට (07) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව නිකුත් කළ දෛනික කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අහස වළාකුළුවලින් බරව පවතිනු ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව ද අනාවැකියේ සඳහන් වේ. මේ අතර, අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
දිට්වා සුළි කුණාටුවෙන් බැටකෑ ප්‍රදේශ නැවතත් නායයෑමේ දැවැන්ත අවදානමක - NBRO එකෙන් හදිසි අනතුරු ඇඟවීමක්
තුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.