අද දවසේ කාලගුණය උඩුයටිකුරු වෙයි - පැයට කිලෝමීටර් 50ක තද සුළං සහ ගිගුරුම් සහිත වැසි

Report

අද දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාව පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

මේ අතර, අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට ද ස්වල්ප වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු - මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ ලග්න හිමියන් අද දවසේ කතාව සහ වියදම් පාලනය කරගත්තේ නැත්නම් ලොකු අමාරුවක

මේ ලග්න හිමියන් අද දවසේ කතාව සහ වියදම් පාලනය කරගත්තේ නැත්නම් ලොකු අමාරුවක