“දැන් අනුර ඉවරයි, ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව කුණුවෙන්න පරදිනවා” - පිල්ලෙයාන්ගේ සහෝදරයා පොලිසිය එක්ක පැටලේ

Report

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් 'පිල්ලෙයාන්' මහතා සහ බන්ධනාගාරයේ පොලිස් නිලධාරීන් අතර පසුගිය සති දෙකකට පමණ පෙර සිදුවූ උණුසුම් වචන හුවමාරුවක් පිළිබඳව ඔහුගේ නීතිඥවරයා ලෙස පෙනී සිටින උදය ගම්මන්පිල මහතා ඊයේ(05) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළේය.

උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේ:

පසුගිය සති දෙකකට පමණ පෙර පිල්ලෙයාන් මහතාගේ සහෝදරයා ඔහුව බැලීමට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. පොලිස් අධීක්ෂණය යටතේ සිදු වූ එම හමුවේදී පිල්ලෙයාන්ගේ සහෝදරයා විසින්, “දැන් අනුර (ජනාධිපතිවරයා) ඉවරයි, ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව කුණුවෙන්න පරදිනවා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බවත් එයට මැදිහත් වූ පොලිස් නිලධාරියා, “ඔතන දේශපාලනය කතා කරන්න දෙන්න බැහැ, ආණ්ඩුව ගැන කතා කරන්න දෙන්න බැහැ” යනුවෙන් පවසමින් විරෝධය පළ කළ බවත් ඔහු පැවසීය.

හිටපු ඇමති කෙහෙළියගේ දියණිය අත්අඩංගුවට

හිටපු ඇමති කෙහෙළියගේ දියණිය අත්අඩංගුවට

එමගින් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඔහු තවදුරටත් විවේචනය කරමින් පැවසුවේ, වත්මන් පොලිසිය ශ්‍රී ලංකා පොලීසිය නොව “මාලිමා පොලීසියක්” ලෙස හැසිරෙන බවයි. රඳවා සිටින පුද්ගලයෙකුට තම පවුලේ අය සමඟ රටේ දේශපාලනය ගැන කතා කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත්, පොලිස් නිලධාරියාගේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිල්ලක් කිරීමට අවශ්‍යදැයි තමන් පිල්ලෙයාන් මහතාගෙන් විමසූ බවත්, එවැනි සිදුවීමක් සිදුවූ බව ඔහු තහවුරු කළ නමුත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණයක් නොමැති බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

පිල්ලෙයාන් මහතා තමන්ට පැවසූ ප්‍රකාශය ලෙස උදය ගම්මන්පිල මහතා මෙසේ සඳහන් කළේය:

“මම මාස 10ක් මේ ඇතුළේ හිටියා. බැරිම වුණොත් තව මාස දෙක තුනයි ඉන්න වෙන්නේ. ඒ ටිකේ පොලිස් නිලධාරීන් එක්ක තියෙන සුහදතාව නැති කරගන්න ඕනෑ නැහැ. අපි ඒක අමතක කරලා දාමු.”

අද දින තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ සේවාලාභියා සමඟ මෙම කරුණු සාකච්ඡා කිරීම සඳහා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශිරන්තිගේ ID අංකය දාපු කෙනා බැංකු නිලධාරියෙක්ලු - නව හෙළිදරව්වක් මෙන්න

ශිරන්තිගේ ID අංකය දාපු කෙනා බැංකු නිලධාරියෙක්ලු - නව හෙළිදරව්වක් මෙන්න

ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාව ගැනත් විස්තර - භයානක තොරතුරු එළියට

ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාව ගැනත් විස්තර - භයානක තොරතුරු එළියට