පොලිස් මාමල නැන්දලා බලන්න කිලෝ මීටර් හතරක් දුර ගෙවාගෙන ආපු තුන්දෙනා බලන්නකෝ..

By Piyumika Sep 05, 2024 03:50 AM GMT
Report

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත කිරි ගොවීන්ට ලබාදුන් ගවයන් තිදෙනෙකු දින දෙකකට පසු නැවත පොලිසියේ ගේට්ටුව අසලට පැමිණ ඇතැයි හක්‌මන පොලිසිය වාර්තා කළේය.

බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ආකාරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් අණනොතකා ධාවනය කරමින් සිටියදී කිලෝමිටර් හතලිහක් පමණ ලුහුබැඳ ගොස් යටියන ප්‍රදේශයේදී එම රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙකු සමග මී ගවයින් පස් දෙනෙකු සහ එල ගවයින් අට දෙනෙකු සිටි බව පොලිසිය පැවසීය.

නඩු භාණ්ඩයක් ලෙස ගෙනා තුවක්කුව විනිසුරුවරියගේ කාමරයේදී පත්තු වේ..

නඩු භාණ්ඩයක් ලෙස ගෙනා තුවක්කුව විනිසුරුවරියගේ කාමරයේදී පත්තු වේ..

එහිදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම ගවයන් පොලිස් භූමියේ ගාල් කොට අවශ්‍ය ආහාර පාන ලබා දී ඇත. දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලද නියෝග මත ඇල්ලේවෙල ප්‍රදේශයේ සිටින කිරි ගොවීන් දෙදෙනෙකු වෙත අදාළ ගවයින් පිරිස ලබා දීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ නමුත් කිරි ගොවිමහතුන් විසින් රැගෙන ගිය ගවයින් අතුරින් මි ගවයෙකු සහ එල ගවයින් දෙදෙනෙකු ගැටගසා තිබූ කඹ කඩාගෙන කිලෝමිටර් හතරක් පමණ දුරක් නැවත පැමිණ පොලිසියේ පිටුපස පිහිටි දොරටුව අසල රැදී සිට තිබෙනවා.

උත්සවයකට හදිසියේ පොලිසියෙන් ආපු හේතුව මෙන්න ..

උත්සවයකට හදිසියේ පොලිසියෙන් ආපු හේතුව මෙන්න ..

ගේට්ටුව විවෘත කළ පසු ඇතුලට පැමිණි ගවයින් තිදෙනා ඉකුත් දිනවලදී ගාල්කර තිබූ ස්ථානයට පැමිණි බවයි ඔවුන් පවසනුයේ..

මේ පිළිබඳව පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ජනතාව ද කියා සිටියේ, දින ගණනාවක් තිස්සේ එම සතුන්ට දක්වන ලද සත්ව කරුණාව නිසා මෙවැනි දෙයක් සිදුවිය හැකි බවයි.