හෘද රෝගවලට ගන්නා ස්ටෙන්ට් ගැන දැනුම්දීමක්..!
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ, කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක අඩුපාඩුවක්ව පවතින හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටෙන්ට් ඉදිරි සති දෙක තුළදී මිලදී ගැනීමට කටයුතු කරන බවයි.
හර්ෂණ රාජකරුණා මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ක්‍රමානුකූලව මෙම හිඟය අඩුවනු ඇති බවයි.
ඔහු මෙහිදී පැවසුවේ, හෘද රෝග සඳහා වන ස්ටෙන්ට්ල කැතීටකරණය සහ කාඩියෝලොජි ඩ්‍රග්ස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බවයි.
අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දීරඝ කාලයක් පුරා පවතින අඩු පාඩු නිසා අදාළ නිළධාරින් විනිවිදභාවයකින් නිවැරදිව එම ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා විශාල කාලයක් වැය කරන බවයි.
එහිදී කහ උණ සඳහා ලැබනෙ එන්නත් හිග වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර ඇති බවයි
