යළිත් අනතුරු ඇඟවීමක් - පෙබරවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Report

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

යළිත් අනතුරු ඇඟවීමක් - පෙබරවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Health Professionals Are Warning Again

ඒ තාවකාලිකව නතර කළ සෞඛ්‍ය වැඩවර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමටයි.

ඒ අනුව එම සන්ධානය සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවක දී ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙලෙස යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බවයි.

පසුගියදා ද ඔවුන් වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කළ අතර එහිදී රෝගීන් දැඩි අසීරුතාවයකට පත් විය.

එහිදී වෛද්‍යවරුන් ට වැඩි කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටියේ ය.

එම වර්ජනය අතරවාරයේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති වෙත සාකච්ඡාවක් ලබා දුන්නේ ය.

වෙනසක්.. - හෙට සිට සිදුවන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

වෙනසක්.. - හෙට සිට සිදුවන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


එහිදී අමාත්‍යවරයා එකඟ වී ඇත්තේ, විදේශගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවටයි.

ඒ අනුව අදාළ වෘත්තීය සමිති විසින් වර්ජනය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගනු ලැබීය.

එවන් පසුබිමක ඔවුන් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ, බරපතළ අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයට විරෝධය දැක්වීමේ අරමුණින් ය.

කෙසේ වෙතත්, ඒ අනුව ලබන පළමු වනදා සිට දිවයින පුරා යළි වර්ජන සහ විරෝධතා සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන් තීරණය කර ඇත.

Sponsored By Sarrita Jewellery

යළිත් අනතුරු ඇඟවීමක් - පෙබරවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Health Professionals Are Warning Again