නානකොට මේ දේ කරන්න එපා..එහෙම කලොත් වෙන දේ මෙන්න..

Sri Lanka Ministry of Health Sri Lanka National Health Service Beauty
By Aruna Jul 04, 2024 01:09 AM GMT
Aruna

Aruna

Report

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම්වල අඩංගු රසදිය හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය පවසනවා.

මෙම ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකා රෝගවලට ගොදුරුවන රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩි වී ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

කටක, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න.. තවත් ලග්න 04කට ඉතාමත් ශුභයි..

කටක, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න.. තවත් ලග්න 04කට ඉතාමත් ශුභයි..


එසේ සම ඇතිල්ලීමක් සිදු කළහොත් සමෙහි ආම්ලික පී. එච් අගය නොමැති වී භාෂ්මික වී චර්ම රෝග ඇතිවීමේ අවදානමක් ඇතිවන බවත් සම ගොරෝසු වි කළු පැහැ ගැන්වෙන බවත් ඇය අවධාරණය කළේ ය.

මේ අතර, ඇය ප්‍රකාශ කළේ, සෑම විටම දින විසි අටකට වරක් සමෙහි මතුපිට මැරුණු සෛල ඉවත් වී අලුත් වන බවයි.

එම නිසා සම අනවශ්‍ය ලෙස සබන් සහ රසායනික ද්‍රව්‍ය ආලේපකර ඇතිල්ලීමක් සිදු නොකළ යුතු බව ද ඇය කියා සිටියා .

ලබන 08 වැනිදාට යෙදෙන සම පිළිබඳ ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින්, ඇය මේ බව ප්‍රකාශ කළේ ය.

සම පිළිබඳ ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව වන්නේ, සැමට සුරක්ෂිත සමක් - සමෙහි සුවයට රැකවරණයක් යන්නයි.

මේ මස 08 සහ 09 යන දින දෙක රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි..කරන්න යන දේ මෙන්න..

මේ මස 08 සහ 09 යන දින දෙක රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි..කරන්න යන දේ මෙන්න..


විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවැසුවේ, සමේ ඇතිවන ඕනෑම ගැටලුවකට හෝ රුව හැඩ කර ගැනීම සඳහා අවශ්‍යනම් සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීමට හැකියාව පවතින බවත් ලස්සන වීම සඳහා සිදු කරනු ලබන ලේසර් ප්‍රතිකාර වැනි විශේෂීත ප්‍රතිකාර සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජයේ රෝහල්වලදී සිදුකරනු ලබන බවයි.