මේ මස 08 සහ 09 යන දින දෙක රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි..කරන්න යන දේ මෙන්න..

Report

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටිනවා.

එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත්, එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බවයි.

පියුමිගේ තවත් ගේමක් මාට්ටු වෙලා?..හෙට සිට ඇගට දැනෙන්න කරන දෙයක් ගැන ප්‍රබලයෙක් කියයි..

පියුමිගේ තවත් ගේමක් මාට්ටු වෙලා?..හෙට සිට ඇගට දැනෙන්න කරන දෙයක් ගැන ප්‍රබලයෙක් කියයි..


රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළ බවත් එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත්, මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..