සුපැහැදිලි HD රූපවාහිනි පහසුකම් මුළු රටටම

Sri Lanka Japan TV Program Sinhala news
By Akash Apr 06, 2025 06:54 AM GMT
Akash

Akash

Report

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ (Isomata Akio) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.

මෙම ගිවිසුම අත්සන් කිරීම කොළඹ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (information and Communication Technology Agency of Sri Lanka – ICTA) සිදු කළ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ගාකු අඩාචි (Gaku Adachi) මහතා ගිවිසුම නිල වශයෙන් අත්සන් කරන ලදි.

සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්

සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්

මෙම ව්‍යාපෘතිය සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ප්‍රයත්නයන් සඳහා මූල්‍යකරණ කටයුතු සිදු කරන Official Development Assistance (ODA) ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇති ව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබයි.

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීම මෙහි මූලික අරමුණ වී තිබේ.

මේ ඔස්සේ භෞමික රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිළි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් රූපවාහිනී සහ ගුවන්විදුලි භෞමික–සම්ප්‍රේෂණ සිතියම පදනම් වී ඇත්තේ ඇනලොග් තාක්ෂණය මත ය.

ලෝකයේ බොහෝ රටවල් ඩිජිටල් වේදිකා වෙත අවතීරණ ව හෝ ගමන් කරමින් සිටී.

ඩිජිටල් තාක්‍ෂණය තුළින් ඇනලොග් සම්ප්‍රේෂණ දුර්වලතා මඟහරවා ගන්නා අතර විශාල අගය එකතු කිරීමක් ලෙස, ඇනලොග් ක්‍රමවේදයට වඩා වැඩි තොරතුරු රැගෙන යාමට සමත් වේ.

මෙම ධාරිතාව වැඩි කිරීමේ විශේෂ හැකියාව නිසා එක් සංඛ්‍යාත පරාසයක් මත වැඩසටහන් කිහිපයක් ගෙන යාමට උපකාරී වන බැවින්, ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ තාක්ෂණය ඇනලොග් ක්‍රමයට වඩා සමස්ත ගුවන්විදුලි තරංග පද්ධතියේ (Frequency Spectrum) ඉහළ ඵලදායිතාවක් ඇති කරයි.

මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු, ඇනලොග් සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියා විරහිත කරනු ලබන අතර, මෙම තරංග පද්ධතිය විදුලි සංදේශ කටයුතු සහ ඩිජිටල් ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි වේ.

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් වසර 45 කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකිකයන් ඇනලොග් රූපවාහිනී සේවා ලබාගත් බවත්, අනාගතයේ ජනතාවට ඔවුන්ගේ රූපවාහිනී නැරඹුම් අත්දැකීම තුළ හැකි උපරිම ගුණාත්මක භාවයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමට කාලය වන බව පැවසී ය.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම රූපවාහිනී විකාශකයන්ට නොමිලේ විකාශන පහසුකම් සැලසෙන අති නවීන ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී වේදිකාවක් ස්ථාපිත කරන බවත්, ඩිජිටල් විකාශනය වෙත සංක්‍රමණය වීම තුළින් ශ්‍රී ලාංකිය ජනතාවට ප්‍රතිලාභ රැසක් ගෙන එනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

සෑම ශ්‍රී ලාංකිකයෙකුටම උසස් (HD) නැරඹුම් අත්දැකීමක් ලබා දෙන, පෙර නොවූ විරූ ලෙස ඔවුන්ගේ රූපවාහිනී නැරඹීම වැඩි දියුණු කරන උසස් පින්තූර සහ ශබ්ද තත්ත්වයෙන් සහ ඇනලොග් පද්ධතියට වඩා විශාල දියුණුවක් සනිටුහන් කරන සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථානය කුමක් වුවත්, රූපවාහිනී විනෝදාස්වාදයේ සහ තොරතුරුවල ඉහළ ම ප්‍රමිතීන් භුක්ති විඳිය හැකි බව සහතික කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සංචාරය නිමා කර ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි.

සංචාරය නිමා කර ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි.

ඩිජිටල් රූපවාහිනිය වෙත සංක්‍රමණය වීමෙන්, වේගයෙන් විකාශනය වන ගෝලීය මාධ්‍ය භූ දර්ශනයක් තුළ තරග කිරීමට අවස්ථාව වන බවත්, වෙනස්කම් වැළඳ ගනිමින් මාධ්‍ය, විනෝදාස්වාදය සහ සන්නිවේදන ක්ෂේත්‍රවල අනාගත වර්ධනය සඳහා වේදිකාව සකස් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්සන සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජයිකා – ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන නියෝජිත Kenji Kuronuma, ශ්‍රී ලංකාවේ ජපන් නියෝජ්‍ය තානාධිපති කමොශිඩා නඕකි (Kamoshida Naoaki) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

තීරු බදු හේතුවෙන් I Phone මිලත් ඉහළට

තීරු බදු හේතුවෙන් I Phone මිලත් ඉහළට

ReeCha