සංචාරය නිමා කර ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි.
තෙදින නිල සංචාරයකට මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද අනුරාධපුර පුජා නගරයට පැමිණියා.
මෙහිදී අගමැති මෝදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද වැඳ පුදා ගත් අතර අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටුවා.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කළ මහව - ඕමන්ත මාර්ගය නිල වශයෙන් විවෘත කරනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වී සිටියා.
මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අගමැති මෝදී තම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්.
''මගේ ශ්‍රී සංචාරයේදී මා වෙත උණුසුම් පිළිගැනීම වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතාටත්, ශ්‍රී ලංකා ජනතාවටත්, රජයටත් මාගේ හෘදයාංගම කෘතඥතාවය පළ කරමි. එය කොළඹ සංචාරයක් වේවා, අනුරාධපුර සංචාරයක් වේවා දෙකම අප දෙරට අතර ගැඹුරු සංස්කෘතික ආධ්‍යාත්මික සහ ශිෂ්ටාචාර සබඳතා නැවත තහවුරු කිරීමට උපකාරී විය. මෙම සංචාරය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතා වලට ශක්තියක් ලබා දෙනු ඇත.''
