තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස දෝනිට නොතීසි ...

By Piyumika Nov 13, 2024 06:02 AM GMT
Report

ජාර්කන්ඩ් මහාධිකරණය විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට නොතීසි නිකුත් කර තිබෙනවා.

ව්‍යාපාරික ආරවුලක් සම්බන්ධයෙන් ඇති නඩුවකට මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා දෝනිට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක් අබිරහස් ලෙස මියයයි..

ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක් අබිරහස් ලෙස මියයයි..

මහේන්ද්‍ර සිං දෝනිගේ හිටපු ව්‍යාපාරික හවුල්කරුවන් වන මිහිර් දිවාකර් සහ සෞම්‍ය දාස් ගොනු කළ නඩුවක් ජාර්කන්ඩ් මහාධිකරණය ඊයේ (12) දියේ විභාගයට ගත අවස්ථාවේ දී මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.

දිවාකර් සහ සෞම්‍ය දාස්; ආකා ස්පෝර්ට්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරුන් වන අතර, ඔවුන් හිටපු ඉන්දීය නායකයා සමඟ ඔහුගේ නම භාවිත කරමින් ක්‍රිකට් ඇකඩමි විවෘත කිරීමට ගිවිසුමකට එළැඹ ඇති බවයි වාර්තා වුණේ.

අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය ගත්ත දැඩි තීරණය..

අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය ගත්ත දැඩි තීරණය..

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා තමාව රවටා ඇති බවට චෝදනා කරමින් දෝනි ඔවුන්ට එරෙහිව ජනවාරි 05 වන දින රංචිහි දී අපරාධ පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

එහිදී ඔවුන් තමන්ට රුපියල් කෝටි 15ක් වංචා කළ බවට දෝනි චෝදනා කර සිටියා.

හෙට ඡන්දය..නමුත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් තවමත් තැපැල් කාර්යාලවල..

හෙට ඡන්දය..නමුත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් තවමත් තැපැල් කාර්යාලවල..

අනතුරුව මිහිර් දිවාකර් සහ සෞම්‍ය දාස් ජාර්කන්ඩ් මහාධිකරණයට ගොස් ඇත්තේ මෙම පැමිණිල්ල අභියෝගයට ලක්කරමින්. ඒ, අනුව තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස මහාධිකරණය මෙලෙස දෝනිට නොතීසි නිකුත් කර තිබෙනවා.