අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Social Media
By Aruna Jun 22, 2024 06:33 AM GMT
Aruna

Aruna

Report

ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ අඹු සැමි යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගතියට පත් කාන්තාව විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ඇති බවයි වාර්තා වන්නේ.

ලිංගිකව හැසිරෙන තරුණ තරුණයින්ට රතු එළියක්..විශේෂයෙන් මේ අය දැඩි අවධානයෙන් ඉන්න..

ලිංගිකව හැසිරෙන තරුණ තරුණයින්ට රතු එළියක්..විශේෂයෙන් මේ අය දැඩි අවධානයෙන් ඉන්න..


මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් සැමියා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු වන අතර ඔහුගේ බිරිඳ ද විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරියක වන බවයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අත‍ර අවස්ථා කිහිපයකදීම එම කාන්තාව සමඟම ලිංගිකව හැසිරී තිබෙන බවද වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, එසේ ලිංගිකව හැසිරෙන දර්ශන නිලධාරියා විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති බවයි .

කෙසේ වෙතත් අදාළ වීඩියෝ දර්ශන පොලිස් කොස්තාපල්වරයාගේ නීත්‍යානූකූල බිරිඳ වන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය දැක ඇති අතර, ඇය විසින් අනියම් බිරිඳට කතා කර ඒ සම්බන්ධව කතාකිරීමට අවශ්‍ය බව පවසා ඇයව හමුවීමට ගොස් තිබේ.

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..30ට පෙර මේදේ කරන්න..

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..30ට පෙර මේදේ කරන්න..


පැමිණිලිකාර පාර්ශ්වය විසින් පොලිසිය පවසා ඇත්තේ, ඇය හමුවීමෙන් පසු විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඒ වීඩියෝ ඇයට පෙන්නා එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන ලෙසත් පවසා තර්ජනය කළ බවයි.

ඒ අනුව 49 හැවිරිදි එම නිලධාරියා සහ ඔහුගේ බිරිය වන 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා පැවසෙන්නේ.

මේ අනුව, අදාළ සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.