යල කන්නයේ ලොකු ළූණු අස්වැන්න නෙලීම අරඹයි...

Anuradhapura Matale Onion Sri Lanka Ministry of Agriculture
By Parami Dissanayake Sep 26, 2024 02:10 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

2024 යල කන්නයේ ලොකු ළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඒ අනුව, ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් හෙක්ටයාර 1500 ක පමණ භූමි ප්‍රමාණයක ලොකු ළුෑණු වගාව සිදු කර තිබෙනවා.

එබැවින්, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මේ දිනවල සාධාරණ මිලකට ගොවීන්ගෙන් ලොකු ළූණු මිලට ගැනීම සිදු වන බව ය.

කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්... (PHOTO)

කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්... (PHOTO)

එමෙන් ම, ලොකු ළූණු බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ආර්. කාංචන මහතා පවසා සිටින්නේ, වගාව ආරම්භයේ වර්ෂාවෙන් හානි පැමිණියද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි කැපවීම මත වගාව සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි.

වැඩිදුරටත්, අදහස් ඉදිරිපත් කළ ඒ අමහතා සඳහන් කර සිටියේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ළූණු ප්‍රවර්ධන වැඩසටහන යටතේ සුදුසු නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර 2025 වසරේ යල කන්නයේදී හෙක්ටයාර 2000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%