රටම බලා සිටි අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගයේ ප්‍රතිඵලය මෙන්න
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.
ඒ අනුව ඉකුත්දා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා විවාදයට ගැණුනු අතර පසුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ලැබුණි.
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙනවද නැද්ද කියලා රටම බලා සිටි විශ්වාසභංගයේ උණුසුම මැද අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
ඒ විපක්ෂව ඡන්ද 152ක් හිමි වන පසුබිමකයි. එබැවින් විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්ව ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වන දින කථානායකවරයා වෙත භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව මෙසේ අද දින විවාදයට ගෙන තිබුණා.