මීගමුව බන්ධනාගාර ගැටුමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට වන්දි ගෙවන්න වෙයි.. විශ්වාසභංගය ලබන සතියේ කථානායකවරයාට

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සඳහන් කරයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවයි.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඒ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.

එබැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පසුගිය 10 වන දින පාර්ලිමේන්තුවේදී අත්සන් කළා.

නොවැම්බර් මාසේ වෙන්න යන දේ - දිවයිනටම රතු එළියක්

නොවැම්බර් මාසේ වෙන්න යන දේ - දිවයිනටම රතු එළියක්

එසේම බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙන ඒමටද විපක්ෂය ඉකුත් දා පියවර ගෙන ඇත.

අප්‍රේල් 10 වන දින ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ඒ අනුව පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එවක බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්ව තිබුණා.

ඒ එම යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් සහ පක්ෂව ඡන්ද 49ක් ලැබීමෙන්.

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිවද ඉකුත් ජනවාරි මාසයේදී විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට සූදානමක් පැවතුණි.

ඒ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම නිසා සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන්.   

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ