'' පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න බැහැ '' ඇමති නලින්ද කියයි
පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.
තවද අමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමට නීති තිබුණද සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මැතිවරණය ඉක්මණින් පැවැත්විය නොහැකි බවයි .
එතුමා වැඩි දුරටත් දැක්වූයේ මෙවන් අදහසක්
''පළාත් සභා පවත්වන්න පැරණි පනතක් තියනවා.ඒ වගේම දැන් පවතින නව නීතියක් පනතක් තියනවා. නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන්නේ. ඒ නීතිය අනුව යාමේදී මතුවන ගැටළුව සීමා නිර්ණය කරලා නෑ .පනත තිබ්බට සීමා නිර්ණය කරලා නැති නිසා ජන්දය පවත්වන්න බැහැ. සීමා නිර්ණයැ කරලා නැති වුණහම පනතේ මොකද කරන්නේ කියලා සදහන් වෙන්නෙ නැහැ. මේ සියළු කරුණු සැළකිල්ලට ගත්තහම මැතිවරණයට නව නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවය තියනවා. ඒක පාර්ලිමේන්තුවේ සිදුකළ යුතු වැඩක්. ජනතාවගේ බලවත් විරෝධයක් තිබුණා මනාප ක්‍රමයට ජන්ද පැවැත්වීම ගැන. ජනතාව ඉල්ලා හිටියා තමන්ගේ කොට්ඨාසයට වග කියන මන්ත්‍රී වරයෙක් .ඊට අදාළවයි අර පනත සකස් කරලා තියෙන්නේ.නමුත් සීමා නිර්ණය කරලා නෑ මේ කටයුතු වලට පාර්ලිමේන්තුවෙ ඉඩකඩ හදලා දීලා තියෙන්නේ. ඒ කටයුතු අවසන් කරගත්තොත් ජන්දය පවත්වන්න පුළුවමන්. දැන් තියන නීති වෙනස් කර ගන්න ඕනි ජන්දෙ තියන්න''