සිංහල ,දෙමළ භාෂා වලට වෙනස්කම් කරලා පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

Report

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් ඔහු ඉහත ප්‍රකාශය සිදු කර තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරයාගේ ඡායාරූප දැක ගැනීමට හැකි බවත් ඒ වගේම පැවති සම්මන්ත්‍රණවලට අදාළ ඡායාරූප ද ඇති වගත් නමුත් අමාත්‍යාංශයේ අරමුණු පිළිබඳව සිංහල හෝ දෙමළ භාෂාවෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බව එතුමා සදහන් කර තිබේ.

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

ඒවගේම ශ්‍රී ලංකා රජයේ ඕනෑම වෙබ් අඩවියකට භාෂා තුනම ඇතුළත් කළ යුතු බවට නීතියක් ඇති බවත් අපි සියලු දෙනාම එය පිළිගත යුතු වගත් අමාත්‍යාංශය කරන්නේ කුමක්ද යන්න පිළිබඳව රටේ සියලුම ජනතාව දැන සිටිය යුතු බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.

තවද, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රටේ ජනතාව තේරුම් ගන්නේ කෙසේද? යනුවෙන් එතුමා තව දුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදි . 

ලයිසන් නැති කන්ටේනර් මට බේරන්න පුළුවන් - සුනිල් හදුන්නේතිගේ හඩ පටයක් ලීක් වුණාද?

ලයිසන් නැති කන්ටේනර් මට බේරන්න පුළුවන් - සුනිල් හදුන්නේතිගේ හඩ පටයක් ලීක් වුණාද?

'' පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න බැහැ '' ඇමති නලින්ද කියයි

'' පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න බැහැ '' ඇමති නලින්ද කියයි