බුකියම කැලඹූ හරිනි විජිත මුද්දර ගැන මොකක්ද මේ තැපැල්පති කියන අලුත්ම කතාව..අලුත් ආණ්ඩුවත් පරණම වෙලාද..

Vijitha Herath National Post Day Harini Amarasuriya Latest Headlines
By Sewvandhi Oct 10, 2024 01:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවයි, එහි සඳහන්ව ඇත්තේ.

ඒ අනුව එය හුදෙක් සිහිවටනක් පමණක් බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන් හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස ලබාදීම සිදුකරන බවත් එහි සඳහන්ව තිබේ.

ලෝක තැපැල් දින ජාතික සැමරුම ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පැවැති අතර ඒ සඳහා අගමැතිනී හරිනි අමරසූරිය සහ විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි විය.

එහිදී විශ්ව තැපැල් සංගමයේ 150වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කෙරුණු අතර අගමැති හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර දෙකක්ද ප්‍රදානය කෙරිණි.

අගමැතිවරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ද ලක්විය.