බයවෙන්න දෙයක් නෑ ආයේ මොන සබ්ජෙට් එක කරත් අනාගතය ෂුවර් - අගමැතිනිය කරන දේ ගැන කියයි
දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේදය යටතේ බොහෝ ප්‍රතිපත්ති සහ නීති යල් පැනගිය ස්වභාවයක් ගන්නා අතර අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනකු රැකියා විරහිත තත්ත්වයකට පත්ව තිබේ.
මෙවැනි හේතු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපත්ති නීති සහ නියාමන රාමු සමාලෝචනය කර එය වර්තමාන යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් සකස්කර යාවත්කාලීන කිරීම සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
එහිදී බොහෝ පාසල් සිසුන්ට අර්ථවත් ආකාරයෙන් තම අධ්‍යාපනය හදාරා අභියෝගයකින් තොරව අනාගතය සකසා ගැනීමට හැකියාව ලැබේ.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේදීය.
මෙම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙම කමිටු රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.