දිවයිනෙන් පිටත් වූ අගමැතිනියට උණුසුම් පිළිගැනීමක් - පිළිගන්න භූතාන අගමැතිත් එයි

Report

භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීමට දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද 31 දින භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර එහිදී භූතාන අග්‍රාමාත්‍යවරයා, භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා මෙන්ම භූතාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමිය උණුසුම් ලෙස පිළිගෙන තිබුණා.

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව අද(31) සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේදී පැවැත් වේ. ඒ හරහා තිරසාරබව, අවබෝධය හා පුනර්ජනනීය ආහාර පද්ධති ප්‍රවර්ධනය කිරීම, සාරධර්ම, සංස්කෘතිය, අධ්‍යාත්මිකත්වය සහ අභ්‍යන්තර පරිවර්තනය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

එසේම “ආහාර පද්ධති පරිවර්තනය සක්‍රීය කිරීම” යන තේමාව යටතේ භූතාන රජය, සවිඥානික ආහාර පද්ධති සන්ධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍යතුමිය 2026 සැප්තැම්බර් 01 දින ඩුන්කාර් ඩිසොංහිදී පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ සමාරම්භක පූර්ණ සැසිය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනයක් ද ඇය විසින් සිදුකිරීමට නියමිත බව සඳහන්.

එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි

එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් එමෙන්ම සමුළුවට සහභාගී වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයා ඇතුළු විදේශීය ඉහළ පෙළ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමටත් සැළසුම්කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් තිරසාර, සියල්ලන් ඇතුළත් කරගත් සහ ජනතා කේන්ද්‍රීය ආහාර පද්ධති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින දිගුකාලීන හා සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද මෙම සමුළුව මහඟු අවස්ථාවක් වේ.

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

GalleryGalleryGalleryGalleryGallery