වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා
රූපවාහිනී දේශපාලන වැඩසටහනක් හා එක්වෙමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කළේය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත වීම හා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පැවසීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් විමසා සිටියේය.
එහිදී ඔහු පවසා සිටියේ, " රනිල් වික්‍රමසිංහ මහත්තයව වැලිකඩ දාද්දි මම කිව්වේ ඒ වැලිකඩ ඉඩමත් දීලා තියෙන්නේ එයාලගෙ පවුලෙන්. ඒ ඉඩම අයිති එයාලගේ වැවගේ කියන වාසගම තියෙන පවුලට.ඒ අක්කර 42ට ගෙවනවනම් ලංකාව බංකොලොත් වෙයි. දිලීප පීරිස් කිව්වා සහචරයෝ එක්ක පොටෝ ගැහුවා අරවා මේවා කිව්වා.සහචරයා මම වෙන්න ඕනේ.මම තමා අර පොතක් අල්ලන් ඉන්නකොට ගිහින් පොටෝ එකක් ගැහුවේ. හරිම පහත් විදිහට එයාට බංකුවක් දුන්නේ ඇයි අහලා තිබ්බා.රටේ හිටපු ජනාධිපති කෙනෙක්.එහෙම දූෂණ චෝදනා තිබ්බ මනුස්සයෙක් නෙමෙයි. හරි දැන් රටේ ජනාධිපති රටින් පිටවෙලා යනකොට ඇක්ටින් ජනාධිපති කෙනෙක් පත් කරලා යන්නේ නෑ.ඉස්සර අනුර කුමාර කිව්වේ වාහන යන්නේ නෑ කියලා දැන් ලස්ස්නට වාහන දෙක තුනක් යනවා බයික් යනවා STF ජීප් යනවා. හෙලිකොප්ටර් දෙකක් යන්නේ එකක ඉදන් අනිකට පනින්නද ඇහුවනේ.කාර්මික දෝෂයක් වුණොත් ගමනේ මගදී යන්නයි දෙකක් යන්නේ.ඕවා බොලද චෝදනා.මම හිතෙනවා දැන් එතුමත් ජනාධිපති නොවුණ දවසක කොහොමද තඹුත්තේගම ගියේ කියලා ප්‍රශ්ණ ඇති වෙයි.මට හිතෙන්නේ රනිල් මහත්තයා ටිකක් ඩෝන්ට් කෙයා නිසා පලිගන්න කරපු වැඩක් වගේ. මම කිව්වා ඉස්සරම බබා වඩාගන්න එක අත ගාන එක උම්මා දෙන එක නෙමේ මනුස්සයා රටට මොකක්ද කරේ කියන එක"ලෙසයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,"
මෙයාලා නාන නෑම බොහෝම දෙයක් තියෙයි.රනිල් වික්‍රමසිංහ කියන්නෙනම් ලේසි බඩුවක් නෙමෙයි.හොද මොළයක්.පට්ට දැනුමක් තියෙන මනුස්සයෙක්.ඒ මනුස්සට බලෙන් හරී මොනහරි කරොත් ඒ මිනිස්සුන්ට ඒකේ සාපේ වදී. ඒවා කරුමේ විසින් පටිසන් දෙනවා. ඔන්න වයිෆ් එක්ක සතියක් විතර පාටි දාලා ආතල් දාලා ට්‍රිප් ගිහින් ආවනම් ඒක වැරදියි.මේක මේ ඇමරිකාවේ ඉදන් එන ගමන් එංගලන්තෙන් බැහැලා ඒ වැඩෙත් කරන් ආපු එක.ජනාධිපතිගේ ආර්‍යාවට ඒ වගේ ආචාර්ය උපාධියක් හම්බෙන එක රටට ආඩම්බරයක්නේ. දැන් ඉන්න සමහර ආර්‍යාවෝ කවුද කියලා දන්නෙත් නෑනේ අපි.ආර්‍යාවකට ඒ වගේ විශ්වවිද්‍යාලයකින් රටේ කෙනෙක්ට ලැබෙන එක ආඩම්බර වෙන්න ඕන දෙයක්" ලෙසයි.