තවත් එක් ආදර කතාවක නිමාව ද?. කට කතා රැසක් මැද පාන්ඩ්‍යා සහ බිරිඳ ගත් තීරණය මෙන්න.. (PHOTOS)

Hardik Pandya Cricket India Gossip Today
By krishani Jul 19, 2024 04:54 PM GMT
krishani

krishani

Report

පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා සම්බන්ධයෙන් විවිධ තොරතුරු සංසරණය විය.

තවත් එක් ආදර කතාවක නිමාව ද?. කට කතා රැසක් මැද පාන්ඩ්‍යා සහ බිරිඳ ගත් තීරණය මෙන්න.. (PHOTOS) | Hardik Pandyas Divorce

ඒ ඔහු සහ ඔහුගේ බිරිඳගේ විවාහය දෙකඩ වීම සම්බන්ධයෙන් ය.

ඒ ගැන විවිධ තොරතුරු ද සමාජ මාධ්‍ය හරහා විශාල වශෙයෙන් සංසරණය වීම විශේෂත්වයක් විය. 

ඊයේ (18) දිනයේ පාන්ඩ්‍යාගේ බිරිඳ නටාසා ස්ටැන්කොවික් සහ හර්දික් සිය ඉන්ස්ට්‍රග්‍රෑම්හි සටහනක් තබා තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා වෙන්වීමට තීරණය කළ බවට නිල වශයෙන් නිවේදනය කරමින් ය.

තවත් එක් ආදර කතාවක නිමාව ද?. කට කතා රැසක් මැද පාන්ඩ්‍යා සහ බිරිඳ ගත් තීරණය මෙන්න.. (PHOTOS) | Hardik Pandyas Divorce

එහි සඳහන් වූයේ මෙවැන්නකී,

"වසර හතරකට පසු, හර්දික් සහ මම අන්‍යෝන්‍ය වශයෙන් වෙන්වීමට තීරණය කළෙමු. අපි එක්ව අපගේ උපරිමය උත්සාහ කර අපගේ සියල්ල ලබා දුන් අතර, මෙය අප දෙදෙනාගේම යහපතට හේතු වන බව අපි විශ්වාස කරමු. අපි එකට භුක්ති විඳි ප්‍රීතිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ මිත්‍රත්වය සහ අපි පවුලක් ලෙස ජීවත් වන විට මෙය අපට ගැනීමට දැඩි තීරණයක් විය."


Gallery
ReeCha