මුම්බායි නායක හර්දික් පාන්ඩ්‍යා - පුහුණුකරු මාලිංගට කළ දේ ගැන දැඩි අප්‍රසාදයක්. - (VIDEO)

Report

ඉන්දියානු ප්‍රිමිය ලීගය මේ දින වල ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගත් තරගාවලියක් බවට පත්වෙලා.

විශේෂයෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් බවට පත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයයි.

කෙසේ වෙතත් ඒ අතරතුරු සිදු වූ එක්තරා සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදය හිමිව තිබෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන් පුහුණුකරුවන් වන කිරන් පොලාර්ඩ් සහ ලසිත් මාලිංග කතා බහ කරමින් සිටින ස්ථානයට හර්දික් පාණ්ඩ්‍යා පැමිණෙන අවස්ථාවක ලසිත් මාලිංග ඔහුගේ පුටුව ලබා දී එතැනින් පිටත්ව යන ආකාරය, වීඩියෝපටයක් නිකුත් වීමත් සමඟයි.

ඉන්දීය ක්‍රීඩාලෝලීන් එම වීඩියෝව උපුටා දක්වා ඇත්තේ හර්දික් යනු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ගරු කරන්න දන්නේ නැති නායකයකු බවටයි.