ඉන්දීය ප්‍රබලයෙක්ට මීළඟ තරඟය අහිමි වෙයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලානයේ මීළඟ තරඟය අහිමි වී තිබෙනවා.
ඒ ආබාධයකට ලක් වීම හේතුවෙනි. ඔහුගේ පාදයේ ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
හර්දික් පාණ්ඩ්‍යාට ඒ අනුව ලෝක කුසලානයේ මීළඟ තරඟය වන නවසීලන්තයට එරෙහි තරඟය අහිමි වනවා
ඊයේ (19) බංග්ලාදේශය සමඟ පැවති තරඟයේදී ඔහුගේ පාදය ආබාධයකට ලක් විය.
ඉදිරි තරඟ සඳහා හර්දික් පාණ්ඩ්‍යාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පළමු ස්ථානයේත් ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවනවා.