දෝනිගේ වගකීම ගැනීමට හර්දික් පාණ්ඩ්‍යා සැරසේ..

Hardik Pandya MS Dhoni Cricket Indian Cricket Team
By Sewvandhi මාස 1 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

තමන්ට කණ්ඩායමක් වෙනුවෙන් ඕනෑම භූමිකාවක් ඉටු කිරීමට හැකි බව ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පවසනවා. එරට මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තරගය තුළ පීඩනය දරාගැනීමේ හැකියාව තමන්ට පවතින බවයි.

එමෙන්ම ඕනෑම වේලාවක හයේ පහර එල්ල කිරීමට තමන්ට හැකි බවත්, හිටපු ක්‍රිකට් නායක එම්.එස්. දෝනිගේ කාර්ය භාරය ඉටුකිරීම තම අපේක්ෂාව බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගියදා නවසීන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ නායකත්වය හොබවනු ලැබුවේ ද හර්දික් පාණ්ඩ්‍යා විසින් වන අතර, එහිදී ඉන්දියාව එම තරගාවලිය ජයගනු ලැබුවේ දෙකට එකක් ලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now