හරක් කටාගේ බිරිඳව අල්ලලා නැහැ - එයා ගෙදරලු - මදුවන්තිගේ නීතීඥයින් කියයි

Report

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ සමඟ විවිධ අපරාධවලට සම්බන්ධ තවත් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව තොරතුරු වාර්තා වේ.

කෙසේ වුවත්, මෙම අත්අඩංගුවීම් සම්බන්ධයෙන් මැලේසියාව ශ්‍රී ලංකා පොලිසියට තවමත් නිල වශයෙන් දැනුම් දී නැත. ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මෙරට ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (ජුලි 9) වාර්තා විය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

පද්මේ සමඟ කොමාන්ඩෝ සලින්ත නමැති තවත් පාතාල සාමාජිකයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වූ අතර, සලින්ත, ගණේමුල්ල සංජීව ඝාතනය මැලේසියාවේ සිට සැලසුම් කළ පුද්ගලයා ලෙස සැලකේ.

මීට පෙර, රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ බිරිඳ මහේෂිකා මධුවන්ති ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වූ නමුත්, ඇගේ නීතිඥවරු කියා සිටියේ එම තොරතුරු අසත්‍ය බවත්, ඇය මේ වන විට නිවසේ සිටින බවත්ය.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ, මොවුන් මැලේසියාවේ සිට තායිලන්තයට දේශසීමා උල්ලංඝනය කරමින් පලා යෑමට සූදානම් වූ අවස්ථාවේ මැලේසියානු පොලිසියට හසුවූ බවයි. පද්මේ සමඟ සිටි තවත් පාතාල සාමාජිකයකු මැලේසියා ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරක් මත මෙම අත්අඡංගුවීම සිදුව ඇත.

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

ගණේමුල්ල සංජීව ඝාතනය, ගම්පහේ පස්පොඩ්ඩා හෙවත් සමන් රෝහිත පෙරේරා ඝාතනය, ඔස්මන් ගුණසේකර ඝාතනයට තැත්කිරීම ඇතුළු ඝාතන රැසකට කෙහෙල්බද්දර පද්මේට චෝදනා එල්ලවී ඇත.

එසේම, පසුගිය ජුලි 4 වැනිදා රාගම බටුවත්තේදී ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු වන ආමි උපුල් ඝාතනය කිරීමද පද්මේ විසින් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇත. කෙහෙල්බද්දර පද්මේ, ජාත්‍යන්තර රතු නිවේදනයක් මගින් අත්‍යාවශ්‍ය අපරාධකරුවකු ලෙස නම් කර සිටින පුද්ගලයෙකි.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි