පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ යකා නටයි
Sri Lanka Police
Hambantota
Sri Lanka
By Zara
හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී කලහකාරී ලෙස හැසිරෙමින් එහි දේපල වලට හානි කළ පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 50 හැවිරිදි හම්බන්තොට - බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු පෙරේදා සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඊට අදාළ ලේඛන පුරවා භාරදී තිබෙනවා.
කෙසේ වෙතත්, නියමිත වේලාව ඉක්මවා යෑම හේතුවෙන් කෝපයට පත් වූ මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනෙකුගෙන් විමසීම් කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කාර්‌යාලයේ පුටුවක් ගෙන මේසයට හා ජනෙල් වලට පහරදී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම පුද්ගලයා මානසික ආතතියෙන් පෙලී සිටින අයෙක් බවද පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබෙනවා.
