හම්බන්තොට දිස්ත්‍රික්කය - සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය..

Hambantota Election Sri lanka election 2024 sl presidential election Sri Lanka election updates
By krishani Sep 22, 2024 12:46 PM GMT
krishani

krishani

Report

2024 ජනාධිපතිවරණය

2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් සමස්ත ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා මනාප 221,913 ක් ලබා එහි පෙරමුණේ සිටියි.

සජිත් ප්‍රේමදාස – 131,503

රනිල් වික්‍රමසිංහ – 33,217

2019 ජනාධිපතිවරණය

2019 ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 278,804 ක් ලබා පෙරමුණේ පසු විය.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 108,906 ද අනුර කුමාර දිසානායකට මහතා ඡන්ද 26,295 ක් ද ලැබීය.

එහි දී සජිත් ප්‍රේමදාස නියෝජනය කළ තිස්සමහාරාම ආසනයේ දී ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 29.68% බවට පත්ව තිබීම කැපී පෙනෙන සිදුවීමක් විය.

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී මැතිවරණ තරගය පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර වේ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 243,295 ක් ද මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 138,708 ක් ද ලැබීය.

ReeCha