''පිස්සුවක් වගේ" බ්‍රසීලය පැරදවු හාලන්ඩ්ගේ උණුසුම් සැමරුමක්

By Malith Madushan Jul 07, 2026 08:56 AM GMT
Report

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රබල බ්‍රසීලය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් නෝර්වේ කණ්ඩායම එරට පාපන්දු ඉතිහාසයේ පළමු වරට අර්ධ අවසන් අට (Quarter-finals) සඳහා සුදුසුකම් ලබා තිබේ.

නිව් ජර්සිහි පැවති මෙම තරගයේ නෝර්වේ ජයග්‍රහණයේ වීරයා බවට පත්වූයේ සුපිරි ප්‍රහාරක එර්ලින් හාලන්ඩ්ය.

ඔහු වාර්තා කළ ගෝල දෙකම නෝර්වේට ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර දීමට සමත් විය. තරගය අවසන් වීමෙන් පසු හාලන්ඩ් සිය පෙම්වතිය වන ඉසබෙල් හෝග්සෙන්ග් ජොහැන්සන්, පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ ක්‍රීඩාංගණය තුළම ජයග්‍රහණය සමරනු දැකගත හැකි විය.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ජොහැන්සන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබූ අතර, එහි "Galskap" (පිස්සුවක් වගේ) යන අදහසද සටහන් කර තිබුණි. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ හාලන්ඩ් සඳහන් කළේ, තම පාපන්දු දිවියේ මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය මෙය බවයි. "මේක තමයි මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය. මේ දේ ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි. වචනවලින් විස්තර කරන්න බැරි තරම් සතුටක් දැනෙනවා," යැයි ඔහු පැවසීය.

තරගයට පෙර කණ්ඩායම කිසිදු පීඩනයකින් තොරව පිටියට පිවිසි බවත්, එම අවස්ථාව විඳිමින් තමන්ගේ ස්වභාවික ක්‍රීඩාව ඉදිරිපත් කළ බවත් හාලන්ඩ් ප්‍රකාශ කළේය.

 ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බ්‍රසීල කණ්ඩායම මත වැඩි පීඩනයක් තිබූ අතර, නෝර්වේ කණ්ඩායම එම අවස්ථාව සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගෙන මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළ බවයි. මෙම ජයග්‍රහණයත් සමඟ නෝර්වේ කණ්ඩායම ජූලි 11 වැනිදා මියාමිහිදී පැවැත්වෙන අර්ධ අවසන් අටේ තරගයේදී එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතය.   

රොනාල්ඩෝගේ පාපන්දු ලෝක කුසලාන සිහිනය කඳුළකින් අවසන් වෙයි

රොනාල්ඩෝගේ පාපන්දු ලෝක කුසලාන සිහිනය කඳුළකින් අවසන් වෙයි

ලෝක පූජිත බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නෝර්වේ නේමාර්ගේ අවසන් සිහිනයද බොඳ කරයි

ලෝක පූජිත බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නෝර්වේ නේමාර්ගේ අවසන් සිහිනයද බොඳ කරයි