සැන්ඩෝගේ පියාට වෙඩි තැබීමට උත්සහ කල වෙඩික්කරු අත්අඩංගුවට

Report

අද (02) නිසල අරණ සුසාන භුමියේදී විදෙස්ගතව සැඟව සිටින 'සැන්ඩෝ' නම් අපරාධකරුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

මිහින්තලය ප්‍රදේශයේ නිවසක මෙම සැකකරු සැඟවී සිටියදී බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී කළ විමර්ශන වලින් හෙළි වී ඇත්තේ කොස්මල්ලී නම් අපරාධකරු විසින් අදාළ වෙඩි තැබීම සඳහා සැකකරුට රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලක් ලබා දී ඇති බවයි.

මහර බන්ධනාගාරයේ ගැටුම කිසියම් පාර්ශ්වයක සැලසුමක්ද? ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

මහර බන්ධනාගාරයේ ගැටුම කිසියම් පාර්ශ්වයක සැලසුමක්ද? ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

පොලිසිය සඳහන් කළේ ඔහු 2025 වසරේදී සිදුකළ වෙඩි තැබීමකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් ජුලි 13 ඇප ලබා පැමිණ ඇති අතර පසුව ඉකුත් 17 මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මේ අතර සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු 2015 වසරේදි යුද හමුදා විශේෂ බලකායෙන් ඉවත් වූ අයෙක් බව සඳහන් වෙයි.

ගාල්ල බන්ධනාගාරයෙත් ගැටලුවක්ද? සැකකරුවෙකු බන්ධනාගාරයෙන් පනී

ගාල්ල බන්ධනාගාරයෙත් ගැටලුවක්ද? සැකකරුවෙකු බන්ධනාගාරයෙන් පනී