බලපත්‍ර රහිත ගිනි අවියක් - කාගේද ?

Report

සේරුනුවර – මහින්දපුර ප්‍රදේශයේ දී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද මෙහෙයුමක දී බලපත්‍ර රහිත ව මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, ඊයේ (20) රාත්‍රී කාලයේ දී දඹගල්ල පොලිසිය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී යතුරුපැදිකරු සිය යතුරුපැදිය දමා පලා ගොස් තිබෙනවා.

සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

අනතුරුව පොලිසිය යතුරුපැදිය පරීක්ෂා කිරීමේ දී බලපත්‍රයක් රහිත ව තිබූ මෙම ගිනි අවිය සොයා ගෙන තිබෙනවා.

සැකකරු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.