මෙරට IT ක්ෂේත්‍රයේ වෘත්තීකයන් ලක්ෂ 2 වැඩි කර ඩොලර් බිලියන 5ක ආදායමක් ගන්නයි හදන්නේ.

Anura Kumara Dissanayaka Sri Lanka
By Wayomi Nov 21, 2024 08:04 AM GMT
Wayomi

Wayomi

Report

සමූපකාර ජාලය ශක්තිමත් කරන බව ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)

 

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

"වෙළඳපලේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් රාජ්‍ය මැදිහත්වීමකින් පැවතිය යුතුයි.යළිත් සමූපකාර ජාලය ශක්තිමත් ලෙස ශක්තිමත් කරනවා.

සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන අටක ආදායමක් වසර තුන හතරක ආදායමක් අපේක්ෂා කරනවා.

it ක්ෂේත්‍රයේ වෘත්තීකයන් ප්‍රමාණය ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්නට අප කටයුතු කරනවා.එයින් ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා.

එමෙන්ම අප රට වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ විභවතාවයක් තිබෙනවා.

ණයගැති ගොවි ජනතාවක් අපට දකින්නට සිටිනවා. අප කෘෂිකර්මාන්තය සඳහා විශාල ආයෝජනයක් කර තිබෙනවා.නමුත් අවසන් ප්‍රතිඵලය වන්නේ ණය බරිත ගොවියෙක් බිහි කිරීමයි.ගොවි දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් වී තිබෙනවා.බීජ ගොවිපල දියුණු කළ යුතුව තිබෙනවා.කෘෂිකර්ම නවෝදයක් අත්කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ජීවිත ගොඩගන්න බෑ.කෘෂි කර්මාන්තයට තවත් සහනාධාර ලබා දෙන්න අවශ්‍ය තැන් තිබේ නම් එය ලබා දෙන්නට අප කටයුතු කරනවා."

2025 අයවැය ගෙන එන දිනය මුදල් සොයා ගැනීම ගැන ජනපති දැනුම්දෙයි. - ව්‍යවසායකයින්ටත් සුබ ආරංචියක්.

2025 අයවැය ගෙන එන දිනය මුදල් සොයා ගැනීම ගැන ජනපති දැනුම්දෙයි. - ව්‍යවසායකයින්ටත් සුබ ආරංචියක්.

ReeCha