අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධිවරයින් නාවික හමුදා භාරයට...
By Parami Dissanayake
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමග වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
එමෙන් ම, අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා එම ධිවරයින් පිරිස කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත ව ඇත.