ලබන සතියේ ලංකාවට වෙනස්ම පෙරළියක් - IMF නියෝජිතයින් පිරිසක් හදිසියේම මෙරටට

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

වාර්තා වන පරිදි, එම නියෝජිත පිරිස ජුනි 24 සිට 30 දක්වා කාලය තුළ මෙරට රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.

මෙම සංචාරයේදී රටේ මෑතකාලීන ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කිරීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඉදිරි ගමන සමාලෝචනය කිරීමත් ප්‍රධාන අරමුණු අතර වේ.

එමෙන්ම, ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති සහ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සඳහන් වේ.

අද ඔබේ ලග්නයට අනුව මුදල් ඉතිරි කරගන්න සහ ව්‍යාපාර දියුණු කරගන්න හොඳම වේලාව මෙන්න

අද ඔබේ ලග්නයට අනුව මුදල් ඉතිරි කරගන්න සහ ව්‍යාපාර දියුණු කරගන්න හොඳම වේලාව මෙන්න

අද දවසේ කාලගුණයෙන් වෙනස්ම පෙරළියක්

අද දවසේ කාලගුණයෙන් වෙනස්ම පෙරළියක්