සජබ පා. මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස පිටුපස ඇළේ අත්බෝම්බයක් - නිෂ්ක්‍රීය කිරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් එයි

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින දෙල්ගහ අර ඇළ මාර්ගයේ තිබී විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් හමුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව පොලිසිය සදහන් කළේ අද (01) දින පෙරවරුවේ එම අත්බෝම්බය එම ස්ථානයේ තිබී සොයාගත් බවයි.

එමෙන්ම ජාඇල නගර සභාවේ සේවකයන් විසින් මෙම ඇළ මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමේදී එම සේවකයන්ට මෙම අත්බෝම්බය හමුවී ඇති අතර, ඔවුන් කඳාන පොලිසියට මේ බව දන්වා ඇත.

මේ මාර්ගයේ ගමන් ගන්නා සියල්ලන්ටම රතු එළියක් - මාරක අවදානමක් ගැන දැනුම්දෙයි

මේ මාර්ගයේ ගමන් ගන්නා සියල්ලන්ටම රතු එළියක් - මාරක අවදානමක් ගැන දැනුම්දෙයි

කෙසේ වෙතත් පසුව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එය රැගෙන ගොස් ඇති බව සඳහන්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි

එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි

සිංගප්පුරුවේ සිට අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ලිපියක් - “හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කළේ නැහැ ”

සිංගප්පුරුවේ සිට අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ලිපියක් - “හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කළේ නැහැ ”