යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුර එනම්, ග්‍රීසියට අයත් මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වී තිබේ. සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් ප්‍රකාශ කර ඇත්තේ,ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බවයි.
මෙම දරුණු අනතුරෙන්, මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇත්තේ පුද්ගලයින් 78 දෙනෙකු පමණක් බව සඳහන් වෙයි.යාත්‍රාවේ සිටි පුද්ගලයින් 104 දෙනෙකු ග්‍රීක බලධාරීන් විසින් මුදාගෙන ඇත.
නීති විරෝධීව පුද්ගලයින් සංක්‍රමණය කිරීමේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරය ඊජිප්තු ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.