ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කරයි

Report

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් අද (01) දිනයේ විවෘත විය.

මෙම කෞතුකාගාරය නිර්මාණයට 1992 වසරේ දී සැලසුම් කර තිබේ ඒවගේම මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත.

නමුත් ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණේ 2023 වසරේදීය.

මෙම කෞතුකාගාරය ඉදිකිරීම සදහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය වී තිබේ.

තවද  කෞතුකාගාරයේ රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයක් පමණ දැකගත හැකිය.

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

එහි තවත් සුවිශේෂීත්වයක් ඊජීප්තුවේ ටූටන්ඛාමුන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමු වරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කිරීමයි.

 ඒවගේම මෙම කෞතුකාගාරය නොවැම්බර් 4 වනදා සිට නරඹන්නන් සඳහා විවෘත වේ.

ඊජීප්තු මහා කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 08ක පමණ පිරිසක් නරඹනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.

ඊජීප්තු සංචාරක කර්මාන්තයට විශාල සේවයක් මෙමගින් ඉටුවෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.    

මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න

මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න