උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය ගැන දැනුම්දීමක්
2023 මාර්තු 25 වැනිදා පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සඳහා නියමිත තරග විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුතු මේ වන විටත් අවසන්ව නොමැති බැවින්, එම නඩුවේදී ලබාදෙන තීන්දුවෙන් පසුව මෙම විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම විභාගය 2023 මාර්තු 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, 2023 මාර්තු 23 වැනිදා මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනුකර විභාගය අත්හිටුවීමේ නියෝගයක් ලබාගැනීම හේතුවෙන් එය ප්‍රමාද වූ අතර, මේ වන විට මාස 18කට ආසන්න කාලයක් ගතව ඇත. එම නඩුවේ තීන්දුවෙන් පසු ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරෙනු ඇත.

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්
