මෙට්‍රෝ බස් රථ සඳහා නව GPS විශේෂාංගයක්
LMT GO ජංගම යෙදුම හරහා මගීන්ට දැන් මෙට්‍රෝ බස් රථවල තත්‍ය කාලීන ස්ථාන සහ පැමිණීමේ වේලාවන් නිරීක්ෂණය කළ හැකි බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කර තිබේ .
නව පහසුකම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගුණසේන මහතා සඳහන් කළේ, GPS-සක්‍රීය සේවාව මඟින් මගීන්ට බස් රථ ඔවුන්ගේ නැවතුම් ස්ථානවලට පැමිණෙන වේලාවන් පරීක්ෂා කිරීමට, ක්‍රියාත්මක වන බස් රථ සහ ගාස්තු විස්තර බැලීමට සහ ඉදිරි ගමනාන්ත වෙත ඇස්තමේන්තුගත ගමන් වේලාවන් නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන බවයි.
මෙම මුලපිරීම මගීන්ට වඩාත් සැලසුම් සහගත, පහසු සහ විශ්වාසදායක ගමන් අත්දැකීමක් ලබා දීම අරමුණු කරගත් බව ඔහු තවදුරටත් පැවසීය.
නව සේවාව භාවිතා කිරීම සඳහා LMT GO යෙදුම බාගත කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටියේය.