"ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ නැතිව රාජපක්ෂලාට බැන බැන ඉන්නවා" - නාමල් රාජපක්ෂ

Report

ජනාධිපතිවරයා අධිකරණ විෂය පථය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගත් බව පවසන්නේ නම්, එම උපදෙස් ලබාදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න රටට පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (15) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අත්තනෝමතික තීරණයක් ගනිමින් සිටින බවයි.

මහ බැංකුවෙන් ලංකාවටම අනතුරු ඇඟවීමක් - එල්-නිනෝ නිසා වෙන්න යන මහ විනාසයක්

මහ බැංකුවෙන් ලංකාවටම අනතුරු ඇඟවීමක් - එල්-නිනෝ නිසා වෙන්න යන මහ විනාසයක්

එමෙන්ම නීතිඥ සංගමය, විනිශ්චයකාරවරුන් සහ ජාත්‍යන්තර නීති ආයතන ඇතුළු පාර්ශ්ව විරෝධතා හෝ අවධානය යොමු කිරීම් සිදුකර තිබියදීත් ජනාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් අවදානමක් ගනිමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

ජනාධිපතිවරයා මෙම ක්‍රියාමාර්ගය හරහා කිසියම් පාර්ශ්වයක අවධානය දිනාගැනීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ දේශපාලන අත්දැකීම් අනුව ඔහුට විවිධ තීරණ සම්බන්ධයෙන් තමන්ගේම දේශපාලන කියවීමක් තිබිය හැකි නමුත්, රාජ්‍ය ආයතන සහ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පළපුරුද්ද සහ විශේෂඥ දැනුම සැලකිල්ලට ගැනීම වැදගත් බවයි.

අධිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ දැනුමක් ඇති විශාල පිරිසක් මෙරට සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් - ප්‍රශ්ණ පත්‍ර ගැටලුව උණුසුම් වෙයි - පරීක්ෂණය CIDය අතට

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් - ප්‍රශ්ණ පත්‍ර ගැටලුව උණුසුම් වෙයි - පරීක්ෂණය CIDය අතට

අධිකරණවල පවතින පුරප්පාඩු පිරවීමට නොහැකිව තිබියදී සේවා කාලය හෝ වයස් සීමාව වෙනස් කිරීමෙන් පමණක් ගැටලුව විසඳිය නොහැකි බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආණ්ඩුව රටේ පවතින අනෙකුත් ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව පවසමින් ඔහු, ආර්ථික හා අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුවට පිළිතුරු ලබාදීමට ඇති කරුණු කිහිපයක්ද මතු කළේය. එමෙන්ම ජනාධිපතිවරයා තමන් සම්බන්ධයෙන් මතුවන විවේචනවලට මෙන්ම ආගමික නායකයන් සහ වෙනත් පාර්ශ්ව මතු කරන කරුණුවලටද පැහැදිලි පිළිතුරු ලබාදීමේ වගකීමක් ඇති බව ඔහු පැවසීය.

මේ අතර, වත්මන් ආණ්ඩුව ජනතාවගේ දෛනික ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය. විශේෂයෙන් ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට ඇති ගැටලු, පොහොර සැපයීමේ ගැටලු සහ ආදායම් පහත වැටීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

පසුගිය සුළි කුණාටු සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් හානි වූ නිවාස, වැව් අමුණු, ඇළවේලි ඇතුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමටද ආණ්ඩුව මැදිහත් විය යුතු බව ඔහු පැවසීය. කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් රැකියා අහිමිවීම වැනි ගැටලු සම්බන්ධයෙන්ද ආණ්ඩුව පැහැදිලි විසඳුම් ඉදිරිපත් කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ඉදිරියේදී රැස්වීමක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, එය විශේෂයෙන් ගොවි ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬ නැගිය හැකි වැඩසටහනක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. කෘෂිකර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය යහපත් පියවරක් බවද නාමල් රාජපක්ෂ මහතා අවසානයේ සඳහන් කළේය.

ලංකාවෙන් තෙල් මතුවෙයිද? මන්නාරමෙන් තෙල් ගොඩගන්න සූදානමක් - රටටම සුභ අනාගතයක් ඇත ළඟ

ලංකාවෙන් තෙල් මතුවෙයිද? මන්නාරමෙන් තෙල් ගොඩගන්න සූදානමක් - රටටම සුභ අනාගතයක් ඇත ළඟ