i-Road 2 – 5 වන කොටසට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර
ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව සමග දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන i-Road 2– 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක ණයක් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා අවසන් කර තිබේ.
මෙම වැඩසටහනේ අරමුණු ලෙස
- තෝරාගත් ග්‍රාමීය ප්‍රජාවන් සහ ප්‍රධාන සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම මගින් මාර්ග ප්‍රවාහන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම .
- ජාතික මාර්ග නියෝජිත ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම .
යන ඒවා දැක්විය හැකිය.
ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මෙම ණය මුදල සදහා වැඩිහිටියන්, කාන්තාවන්, ළමුන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළත් වේ.
තවද ඔවුන්ට හිතකර වන ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර 500 ක් පමණ සියලුම කාලගුණිකල දේශගුණික – ප්‍රතිරෝධි ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි වැඩිදියුණු කිරීමට උදව් වේ.
ඒවගේම මෙම වැඩසටහන මගින් ජාතික මාර්ග කිලෝමීටර 21 ක් පමණ පුනරුත්තාපනය කිරීම සහ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර් 100 ක් නඩත්තු කිරීම සදහා පහසුකම් ලබාදෙනු ඇත.
මෙම වැඩසටහනේ ප්‍රවාහනල මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විධායක ආයතනය ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙසත් කටයුතු කරනු ලැබේ .
ඒ අනුව අද (2025 ඔක්තෝබර් 31 ) දින ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර කොළඹ මහා භාණ්ඩාගාරයේ දී විධිමත් පරිදි ණය ගිවිසුම සදහා අත්සන් තබා තිබේ.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂල ටකාෆුමි කඩෝනො මහතා අත්සන් කර තිබේ.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        