Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීම උතුරු මැද පළාතටත්
Gov Pay වැඩසටහන යටතේ රථවාහන දඩ මුදල් ඔන්ලයින් ක්‍රමයට ගෙවීමේ උතුරු මැද පළාත් වැඩසටහන ඊයේ(20) දිනයේ ආරම්භ කර තිබේ.
ඒ අනුව උතුරු මැද පළාත තුළ රථවාහන දඩ මුදල් අද(21) සිට ඔන්ලයින් ඔස්සේ ගෙවීමට පහසුකම් සළසා ඇත.
මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේදී පළාත් රථවාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය.
තවද උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ජේ සුගතපාල මහතාගේ සහ රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පළාත් රථවාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.